මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රසාද් K ධර්මසේන විසින් Sun SparcStation 5 (170 MHz, 128 MB RAM, 4.2 GB ධාරිතාවයකින් යුතු SCSI දෘඩතැටිය, CD-ROM, සුනම්‍ය තැටිය, යතුරුපුවරුව, මූසිකය), 2.1 GB ධාරිතාවයකින් යුතු තවත් දෘඩ තැටියක්, ස්ථාපන සංයුක්ත තැටි ( sparc සහ intel සඳහා වූ RedHat ලිනක්ස් තැටිද, netbsd, openbsd and Solaris) සහ ජාලකරණ සහ බල සැපයුම් අංගෝපාංග යන දෑ පරිත්‍යාග කරන ලදී.
මීට කලකට ඉහත දී, CSහට අයත් භාවියෙන් ඉවත් කිරීමට තිබූ Sun IPC පරිගණකයක්ද, ප්‍රසාද්ගේ කාරුණික පරිත්‍යාගයෙන් ලැබුණු අමතර කොටස්වල අධාරයෙන් සරෝද් යටවත්ත සහ K P Visakan යන සිසුන් දෙදෙනා විසින් නැවත භාවිතයට ගත හැකි තත්වයට ගෙන එන ලදී.
ප්‍රසාද්ගේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ කාරුණිකත්වයෙන්, දැන් LKLUG හට සියලු අංගෝපාංගයන්ගෙන් සන්නද්ධ Sun SparcStation 5 පරිගණකයක් භාවිතා කීරීමට ඉඩ සැලසී ඇත.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo